












දික්කසාද වී වෙන්වීමට තීරණය කර සිටින කන්ග් තේ-ජූ සහ ඔහුගේ බිරිඳ කෝ සේ-යුන් නම් යුවළ වටා තමයි මේ කොරියානු අභිරහස් ත්‍රාසජනක කතාමාලාව ගොඩනැඟිලා තියෙන්නේ. ඔවුන් වෙන්වීමට සූදානම් වනවාත් සමඟම, අනපේක්ෂිත අයුරින් සේ-යුන්ව නාඳුනන පුද්ගලයෙකු විසින් පැහැරගනු ලබන අතර, ඇයව සෙවීමට උත්සාහ කරන තේ-ජූට තමන් නොකළ මිනීමැරුමකට බොරු චෝදනා ලබා පොලිසියෙන් බේරී පලායන්න සිද්ධ වෙනවා. නීතියෙන් බේරී පලායන අතරතුර බිරිඳව සෙවීමේ මෙහෙයුමක යෙදෙන තේ-ජූට, බාහිරින් සාමාන්‍ය ලෙස පෙනුනද අභ්‍යන්තරයෙන් අතිශය කුරිරු ගතිගුණ ඇති පුද්ගලයෙකු මුණගැසෙනවා. පැහැරගැනීමට ලක්වූ ඔහුගේ බිරිඳ සහ තේ-ජූ මුහුණ දෙන අද්භූත සිදුවීම් මාලාව මැදින්, මේ මහා කුමන්ත්‍රණයේ සැඟවුණු රහස අනාවරණය කරගැනීමට ඔවුන්ට දැඩි ජීවිත සටනක නිරත වෙන්න සිද්ධ වෙනවා.