
මෝස්තර ලෝකයේ යක්ෂණිය
ඔයාලටත් කවදා හරි වැඩ කරන ඔෆිස් එකේ දරාගන්නම බැරි තරම් වද දෙන, අතිශය නපුරු ලොක්කෙක් යටතේ ජොබ් එකක් කරන්න වෙලා තියෙනවාද? මේ සුපිරි ෆිල්ම් එකේ ඉන්න ඇන්ඩි කියන්නේ විලාසිතා හෝ මෝස්තර ලෝකය ගැන කිසිම උනන්දුවක් නැති, හැබැයි හරිම බුද්ධිමත් තරුණ මාධ්‍යවේදිනියක්. මෙයාට අහම්බෙන් ලෝකයේ ජනප්‍රියම විලාසිතා සඟරාවක ප්‍රධාන කර්තෘ විදිහට වැඩ කරන, කිසිම අනුකම්පාවක් නැති මිරැන්ඩා ප්‍රිස්ලි කියන යක්ෂණියක් වගේ ලොක්කියකගේ සහකාරිය විදිහට ජොබ් එකක් ලැබෙනවා. ඉතින්, තමන් යටතේ ඉන්න අයට පොඩ්ඩක්වත් අනුකම්පා නොකරන මේ නපුරු ලොක්කියගේ වද දීම් සහ කෲර නියෝග මැද්දේ, තමන්ගේ ජොබ් එක බේරගන්න වගේම, තමන්ගේ පෞද්ගලික ජීවිතයත්, තමන්ගේ අනන්‍යතාවයත් රැකගන්න ඇන්ඩි කරන මාරාන්තික අරගලය ඉතාමත් හාස්‍යජනක වගේම, සංවේදී විදිහට මේ වර්ක්ප්ලේස් ඩ්‍රාමා (Workplace Drama) ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්.