
අභිරක්ෂකයා
තමන්ගේ පණ වගේ ආදරය කරන පොඩි නැඟණිය බේරගන්න, අඳුරු පාතාල ලෝකයේ ඉන්න දරුණුම අපරාධ කල්ලියක් එක්ක හැප්පෙන්න සිද්ධ වෙන සාමකාමී දොස්තර කෙනෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. ප්‍රකෝටිපති පාතාල නායකයෙක්ගේ පුතාගේ මරණයට පළිගන්න හදන අපරාධ කල්ලියක් මැද්දට, කිසිම වරදක් නොකළ මිකායෙල්ගේ නංගී අහම්බෙන් පැටලෙනවා. නංගිව මරන්න එන දරුණු පාතාල අපරාධකරුවන්ගෙන් ඇයව ආරක්ෂා කරන්න මිකායෙල් තමන්ගේ දොස්තර ජොබ් එක පැත්තකින් තියලා, කිසිම අනුකම්පාවක් නැති මාරාන්තික ආරක්ෂකයෙක් බවට පත්වෙනවා. ඇඟ කිලිපොලා යන දරුණු සටන් ජවනිකා මැද්දේ, මේ දොස්තරට තමන්ගේ පවුල බේරගන්න පුළුවන් වෙයිද කියන එක සහ මේ දරුණු පාතාල අපරාධකරුවන් මෙල්ල කරන හැටි මේ ක්‍රියාදාම ත්‍රිලර් ෆිල්ම් එකෙන් බලාගන්න ලැබෙනවා.